හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබේ ඉ-තැපැල (E-mail) සුරක්ෂිත කරගන්නේ කෙසේද?


ඉ-තැපෑල යනු කුමක්ද?
ඉ-තැපෑල යනු එක් අයෙක් හෝ කිහිපදෙනෙකු වෙත පණිවුඩ හුවමාරුකර ගැනීමේ යාන්ත්‍රික උපක්‍රමයකි. මෙහිදී පණිවිඩය, පණිවිඩ ලබන්නෙකු/ලබන්නන් ට පණිවිඩ යවනු ලැබේ.  මේ අයුරින් පණිවිඩ යැවීම හෝ ලබා ගැනීම සඳහා ප්‍රථමයෙන්ම ඔබ ඉ-තැපැල් ගිණුමක් විවෘත කරගත යුතුයි. දැනට නොමිලේ ඉ-තැපැල් ගිණුම් සාදාගැනීම සඳහා සේවා සපයන්නන් බොහෝ සංඛ්‍යාවක් සිටී. ඉන් ප්‍රධාන සමාගම් කිහිපයක් පහත දැක්වේ.
උදා: 1. Yahoo
2. Google
3. Hotmail

ඉ-තැපැල් සුරැකුම
වත්මනෙහි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල වශයෙන් අනතුරට භාජනය විය හැකි හා අයුතු ප්‍රයෝජන ගන්නා තත්ත්වයන් ඉතා ඉහළ නිසා ඉ-තැපැල් සුරක්ෂිනතතාව සඳහා වඩාත් සැලකිලිමත් විය යුතුයි. මෑත කාලීන සමීක්ෂණයන්ට අනුව ඊමේල් යනු ව්‍ය‍ෙපාර සන්නිවේදනය තුල ඇති වඩාත් වටිනා ක්‍රමවේදයකි. එය ජංගම දුරකථන පවා අභිබවා යන වටිනාකම් සහිත සේවාවකි. එමනිසා බොහොමයක් ආයතන පමනක් නොව සාමාන්‍ය ජනතාව පවා ඒ පිළිබඳ ව වැඩි සැලකිල්ලක් දැක්වීම පුදුමයට කරුණක් නොවේ.

ඉ-තැපැල් ආරක්ෂාව සඳහා ඇති තර්ජන මොනවාද?
වෛරස (Viruses)
සියලුම දත්ත හා තොරතුරු  විනාශ කොට මුලු පරිගණක පද්ධතිය ම බිඳ දැමීමට තරම් හැකියාවක් වෛරස් සතුව පවතී.

අයාචිත තැපෑල (Spam)
මෙය ද ඉ-තැපැල් ආරක්ෂාාවට ඇති තර්ජනයක් වන අතරමෙහි ඇති ධාරිතාව පද්ධතියේ පැවැත්මට සෘජුවම බලපායි. එමෙන් ම වෛරස් ගෙනයාමේ හැකියාවක් ද ස්පෑම් සතු වේ.

තතු බෑම (Phishing)
ව්‍යාජ අනන්‍යතාවය මගින් අන්තර්ජාලය හා ඉ-තැපැල් භාවිතයෙන් සිදුකරන වෙළදාම් කටයුතු අඩපණ කිරීම මෙමගින් සිදුකරයි. අන්තර්ජාලය  හා ඉ-තැපෑල හරහා වෙළඳ හා මුදල් සම්බන්ධ  ගණුදෙනු සිදුකරන ආයතන/පුද්ගලයින් මෙහි ප්‍රහාරකයන්ගේ ප්‍රධාන ඉලක්ක වේ.ස්පෑම් තුලින් විශාල ඉ-තැපෑල ප්‍රමාණයක් භාවිතා කරමින් පරිශීලකයන්ගේ තොරතුරු ඉතා සූක්ෂ ම ලෙස ලබා ගෙන එමගින් නොයෙකුත් ප්‍රහාර හා විනාශකාරී ක්‍රියා සිදුකිරීම මෙහි ඇති භයානක තත්ත්වයයි.

ඉ-තැපෑල් තර්ජන වලට එරෙහිව ගත හැකි පොදු සරල ක්‍රියාමාර්ග.

ඔබේ ඉ-තැපෑල් ගිණුම  විවෘත කිරීමට පෙර,
ඔබගේ ප්‍රතිවෛරස මෘදුකාංගය යාවත්කාලීන දැයි පරීක්ෂා කර බලන්න.
නව ඉ-තැපෑල් පණිවිඩයක් ලැබීමේ දී,
එවන්නාගේ වලංගුතාවය පරීක්ෂා කරන්න. (එසේ වලංගුතාවය පිළිබඳ සැකයක් පවති නම් එය අතහැර දමන්න.)
එහි අන්තර්ගතය (මාතෘකාව, අඩංගු පණිවිඩය, ඇමුණුම්) විශ්වාසදායී දැයි පරීක්ෂා කරන්න. (එසේ විශ්වාස දායි නොවේ නම් එය අතහැර දමන්න.)


විශේෂ සළකා බැලීම්
නොදන්නා පාර්ශවයකින් ඉ-තැපැල් පණිවිඩයක් ලැබුණු විට,
ඉ-තැපැල් පණිවිඩයේ අඩංගු අතුරු පිවිසුම් සම්බන්ධවක වලට ඇතුලු නොවන්න.
කිසිදු ඇමුණුමක් බාගත නොකරන්න.
එම ඉ-තැපැල් පණිවිඩය නැවත කිසිවකුට නොයවන්න.
ඔබගේ පෞද්ගලික තොරතුරු කිසිවක් ඇතුලත් නොකරන්න.


පලමුඅවස්ථාව(Scenario 1)

“ඇන්ඩෘ” යනු විදේශ සේවාදායකයින් හා ගනුදෙනු කරනා ව්‍ය‍ෙපාරිකයෙකි. බොහෝ විට ඔහුට ලොව පුරා සංචාරය කිරීමට සිදුවේ. අද උදෑසන ඔහුගේ මිතුරකු වන "ජේමිස්" හට පහත අකාරයේ ඉ-තැපැල් පණිවිඩයක් ලැබුනි.
==================================================================
From: Andrew@mail.com
To: James@tmail.com
Subject: “James I need a big favor”

Hi James,

Dude, Currently I am in Germany and I am facing a big problem right now.  I lost my valet last night. I lost all my credit cards and cash. Herewith I am sending account details of hotel manager which I reside at the moment. I will return the money when I come back.  I have deactivated all my cards few minutes ago. Your help would me much appreciated.

Name: Michel Thomas Account Number: 100938883980 Bank: Barclays Bank

Best Regards
Andrew.
==================================================================
මෙවැනි ඉ-තැපැල් පණිවිඩයක් ලැබුණ් විට ඔබ කුමක් කළ යුතුද?
එම ඉ-තැපැල් පණිවිඩයට පිළිතුරු නොයවන්න.
ඔබගේ පෞද්ගලික තොරතුරු කිසිවක් ඉදිරිපත් නොකළ යුතුය.
පණිවිඩයේ සඳහන් ගිණුම් වලට මුදල් හුවමාරු නොකරන්න.‍‍
මේ පිළිබඳ ව TechCERTආයතනය දැනුවත් කරන්න.


දෙවන අවස්ථාව (Scenario 2)  
පහත ඉ-තැපැල් පණිවිඩය පෙරදින රාත්‍රියේ "මානෙල්" හට ලැබුනි.
==================================================================From: Mailinglistadmin@Dmail.com
To: Manel1234@Dmaiil.com
Subject: Password Verification

Dear Manel,
Hope you are doing well, Dmail is in the process of verifying all their users’ password due to system account upgrade. Please reply to this email by submitting your current password. Your early response would be much appreciated.  
Best Regards
Dmail Team.
==================================================================
මෙවැනි ඉ-තැපැල් පණිවිඩයක් ලැබුණ් විට ඔබ කුමක් කළ යුතුද?

එම ඉ-තැපැල් පණිවිඩයට පිළිතුරු නොයවන්න.
අන් කෙනෙකුට මෙමඉ-තැපැල් පණිවිඩය නැවත යොමු නොකරන්න.
මේ පිළිබඳ ව “Dmail”ආයතනය දැනුවත් කරන්න.
මේ පිළිබඳ ව TechCERTආයතනය දැනුවත් කරන්න.

තෙවනඅවස්ථාව (Scenario 3)  

“පිලිප්” යනු චිකිත්සකවරයෙකි. පසුගිය අවුරුදු 10ක පමන කාලයක් තිස්සේ ඔහු "මෙගා" බැංකුව සමග තම ගනුදෙනු සිදු කරයි. අද උදෑසන ඔහුට පහත ඉ-තැපැල් පණිවිඩය ලැබුනි.

==================================================================
From:MegaBankonline@megab ank.com
TO: Philip123@smail.com
Subject:  New Internet Banking Features

Dear Customer,

“Mega  Bank  ”  is  always thinking about the value added services and try to enthusiast our customers  while  on  their business. “Mega Bank ” Internet banking system now has more features  to  increase  the efficiency  of  Internet  banking Please  click  the  following  link and feel the difference.

http://www.megabanknewonline. com/login.php

Best regards
Mega Bank Team
==================================================================

මෙවැනි ඉ-තැපැල් පණිවිඩයක් ලැබුණ් විට ඔබ කුමක් කළ යුතුද?
එම ඉ-තැපැල් පණිවිඩයට පිළිතුරු නොයවන්න.
ඉ-තැපැල් පණිවිඩයේ අඩංගු අතුරු පිවිසුම් සම්බන්ධයක වලට ඇතුලු නොවන්න.
මේ පිළිබඳ ව “Mega Bank”ආයතනය දැනුවත් කරන්න
මේ පිළිබඳ ව TechCERTආයතනය දැනුවත් කරන්න.

Post a Comment

0 Comments