හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

චැට් හරහා හිරිහැර කිරීම

මෙහි සඳහන් නම් සහ ස්ථාන උපකල්පිත ය.

වයස අවුරුදු 35 ක් වන අවිවාහක නානායක්කාර මහත්මිය පෞද්ගලික බැංකුවක කළමනාකාරිණියක  ලෙස සේවය කරයි. දිනක් ඇයට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයක සේවය කරන පිරිමි මනෝවිද්‍යාත්මක කථිකාචාර්යවරයකු ගෙන් ෆේස්බුක් මැසෙන්ජර් හරහා පණිවිඩයක් ලැබුණි.



“හායි…. ඉතින් කොහොමද ඔයාට …..?මම දන්නවා ඔයා තවම බැඳල නෑ කියල…ඔයා ඒ ගැන දුක් වෙන්න එපා… මම ඔයාට හැම දෙයක්ම පහදල දෙන්නම්.. මොකද මම  …………… ”

ඇයට මෙම පුද්ගලයා ගැන හෝ ඔහු ඇත්තටම කවුද යන වග පිළිබඳ කිසිඳු සැකයක් නොතිබුණි. මන්දයත් ඔහු කී ආකාරයට ඔහු වෘත්තීයෙන් උපදේශකයෙකු වීමයි.

මේ දෙදෙනා අතර සංවාදය ඉතා එලදායී  සහ හරවත්ලෙස සිදු වූ අතර ක්‍රම ක්‍රමයෙන් දෙදෙනාම එකිනෙකාට ඉතා මිත්‍රශීලී වූහ. නානායක්කාර මහත්මිය ඔහුගෙන් නිතර  උපදෙස් ලබා ගැනීමට පුරුදුව සිටියා මන්ද ඔහු  දේශන හා උපදේශන ක්‍ෂේත්‍රයේ මනා පළපුරුද්දක් ඇති අයෙකු වීමනිසා. එමෙන්ම ඇය ඔහුගේ ප්‍රකාශයන් ඉතා තදින් විශ්වාස කළා.

මෙසේ දිගින් දිගමට කතාබස් කරමින් සිටියදී, ටිකෙන් ටික මොහුගේ කතා විලාශය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන බවය ඈට දැනුනි.

“කථිකාචාර්යතුමා: හා…යි වස්තුවේ…, ඉතින්  කොහොමද අද ඔයාට? අපි ඉතින් ඔයා ගැන තව තව තොරතුරු  ටිකක් කතා කරමුකො..… ඔයාට මා එක්ක හැම දේම විවෘතව කතා කරන්න පුළුවන් නම්… අපිට පුළුවන් ඉතින් අපේ අදහස් හා අත්දැකීම් බෙදා ගන්න. ”

” නනායකකර මෙනෙවිය: සමාවෙන්න මහත්මයා …… මට දැන් රැස්වීමකට යන්න තියෙනවා. මම වෙන වෙලාවක ඔයාට කතා කරන්නම්….

ඔව් ඇගේ අනුමානය හරියටම හරි!!!!! ඔහු කතාබහ කරන ආකාරය ටිකෙන් ටික වෙනස් ස්වරූපයක් ගැනිනි. ඔහු ඇගේ ලිංගික ජීවිතය, ශරීර හැඩය සහ පෞද්ගලික තොරතුරු ආදිය ගැන විමසීමට පටන් ගත්තේය. ඇය එම ප්‍රශ්න සියල්ලම උපක්‍රමශීලීව මඟහැරීමට සමත් වූ අතර තවදුරටත් ඔහු සමඟ කතා බහ කිරීම චැට් කිරීම නතර කළාය.

විශ්ව විද්‍යාල සිසුන් ද  ඔහුගෙන් බේරා ගැනීම සඳහා මෙම සිද්ධිය අදාළ සංවිධානයකට වාර්තා කිරීමට ඇයට අවශ්‍ය විය. ඇය අන්තර්ජාලයේ එවැනි ස්ථානයක් සොයමින් සිටියදී ඇයට හිතවතී හමු වුනි.

ඇය හිතවතීට අමතා ඇගේ සිද්ධිය පැහැදිලි කළාය. කළ යුතු දේ ගැන හිතවතී ඇයට උපදෙස් දුන් අතර, ඇයව නිසි සම්බන්ධතා සඳහා යොමු කළේය.

අන්තිමේදී ඇය ඉතා සතුටට පත්වූ අතර ඇයට අවශ්‍ය උපදෙස් හා කාරුණිකසේවාවක් ලබා දීම ගැන හිතවතීට ස්තූතිවන්ත වූවාය.

හිතවතී …… .. සයිබර් අවකාශයේ ඔබේ  යෙහෙළිය


පූර්වාරක්ෂා ඉඟි

  • ඔබ සමඟ සයිබර් අවකාශයේ කතාබස් කරන නාඳුනන පුද්ගලයින් විශ්වාස නොකරන්න.
  • ඔබට අන්තර්ජාලයේ දී/ සයිබර් අවකාශයේ මුණගැසෙන පුද්ගලයන්ට ඔබේ පුද්ගලික තොරතුරු හෙළි නොකරන්න.

Post a Comment

0 Comments